Skip to main content

Posts

Featured

සියඹලාණ්ඩුවේ අභිමානය...ගෝවින්ද හෙල (Westminster Abbey)

සරසවියේ අවසන් වසරේ ව්‍යාපෘති වැඩ කටයුතු නිසා බොහෝ කාර්යබහුල වුවද හැකි ඉක්මනින් නැවතත්  නොදුටු තැනක් සොයා යාම කණ්ඩායමේ සැමගේ අපේක්ෂාව විය. මෙවර අපගේ ගමනාන්තය වූයේ මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටි කලාතුරකින් කෙනෙකු පැමිණෙයි උපකල්පනය කල හැකි ස්ථානයකි. නමින් ගෝවින්ද හෙල හෙවත් Westminster Abbey ලෙස ප්‍රසිද්ධ වූ අතර සුවිශේෂී වූ භුවිෂමතාවයකට හිමිකම් කියන්නක් විය. එනම් කඳු මුදුනේ එකිනෙකට ආසන්න ස්ථාන තුනක සිට ඒ අවට පිහිටි අම්පාර, පොතුවිල්, මොණරාගල ඇතුළු ඉතා විශාල වපසරියකින් යුතු ප්‍රදේශයක් ඉතා හොඳින් නිරීක්ෂණය කල හැකි වීමයි. මොණරාගල අම්පාර (A5) මාර්ගයේ සියඹලාණ්ඩුව සිට කිලෝ මීටර 15ක් පමණ ගමන් කල විට 9 කනුව හන්දිය හමු වේ. පෙරදින රාත්‍රි 11 ට පමණ කොලඹින් මාර්ග අංක 98 තණමල්විල , වැල්ලවාය හරහා අම්පාර බස් රථයකට නැගී අප සියඹලාණ්ඩුව ඔස්සේ 9 කනුව හන්දියට පැමිණෙන විට පසුදා එනම් 2012-09-23 දින උදෑසන 5.30 පමණ විය. අප උදේ ආහාරය ගත් කඩයේ මුදලාලි ගේ අදහස වූයේ මග පෙන්වන්නෙකු සමඟ කන්ද නැගීමට යාම නුවණට හුරු බවය. කෙසේ වෙතත් කන්ද මුදුනට පැහැදිලි අඩි පාරක් ඇති බව පවසූ බැවින් අවසානයේ මග පෙන්වන්නෙකු නොම

Latest Posts

ඇරඹුම...