සියඹලාණ්ඩුවේ අභිමානය...ගෝවින්ද හෙල (Westminster Abbey)


සරසවියේ අවසන් වසරේ ව්‍යාපෘති වැඩ කටයුතු නිසා බොහෝ කාර්යබහුල වුවද හැකි ඉක්මනින් නැවතත්  නොදුටු තැනක් සොයා යාම කණ්ඩායමේ සැමගේ අපේක්ෂාව විය. මෙවර අපගේ ගමනාන්තය වූයේ මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටි කලාතුරකින් කෙනෙකු පැමිණෙයි උපකල්පනය කල හැකි ස්ථානයකි. නමින් ගෝවින්ද හෙල හෙවත් Westminster Abbey ලෙස ප්‍රසිද්ධ වූ අතර සුවිශේෂී වූ භුවිෂමතාවයකට හිමිකම් කියන්නක් විය. එනම් කඳු මුදුනේ එකිනෙකට ආසන්න ස්ථාන තුනක සිට ඒ අවට පිහිටි අම්පාර, පොතුවිල්, මොණරාගල ඇතුළු ඉතා විශාල වපසරියකින් යුතු ප්‍රදේශයක් ඉතා හොඳින් නිරීක්ෂණය කල හැකි වීමයි.

මොණරාගල අම්පාර (A5) මාර්ගයේ සියඹලාණ්ඩුව සිට කිලෝ මීටර 15ක් පමණ ගමන් කල විට 9 කනුව හන්දිය හමු වේ. පෙරදින රාත්‍රි 11 ට පමණ කොලඹින් මාර්ග අංක 98 තණමල්විල , වැල්ලවාය හරහා අම්පාර බස් රථයකට නැගී අප සියඹලාණ්ඩුව ඔස්සේ 9 කනුව හන්දියට පැමිණෙන විට පසුදා එනම් 2012-09-23 දින උදෑසන 5.30 පමණ විය.


ගමන් මග..


පිහිටීම..

අප උදේ ආහාරය ගත් කඩයේ මුදලාලි ගේ අදහස වූයේ මග පෙන්වන්නෙකු සමඟ කන්ද නැගීමට යාම නුවණට හුරු බවය. කෙසේ වෙතත් කන්ද මුදුනට පැහැදිලි අඩි පාරක් ඇති බව පවසූ බැවින් අවසානයේ මග පෙන්වන්නෙකු නොමැතිව ගමන යාමට තීරණය කෙරිනි. වනයට ඇතුල් වීම සඳහා හන්දියේ සිට මීටර් 200 ක් පමණ අම්පාර දෙසට ගමන් කර විට හමුවන විහාරස්ථානය  හරහා වැටී ඇති මාර්ගය ඔස්සේ යා යුතු විය.

සුළඟට සැලෙනා...
විහාරස්ථානය  ඔස්සේ වැටී ඇති මාර්ගය...


අහස් කුස කරා එක්ව...
අතර මගදී හමු වූ වැලිපොළඟා - Saw Scaled Viper  / Echis carinatus
  (ආසියාවේ උග්‍රතම විෂ සහිත සර්පයින් හතර දෙනාගෙන් කෙනෙකි)



ගමන අතර මගදී ඍජු නැග්මක් සහිත ස්ථාන කිහිපයක්ම හමු වේ. මෙවැනි ස්ථාන වල ඉනිමං තනා ඇත්තේ දළ බෑවුම් ඔස්සේ ඉහල නැගීම බෙහෙවින් දුෂ්කර බැවිනි. මීට වසර 10-15 කට පමණ පෙර පවා  මෙම කන්ද  තරණය කර ඇත්තේ කඹ හා වැල් යොදා ගනිමින් බව සඳහන් වේ. එසේ වූයේ නම් ගමන සඳහා බොහෝ විට දිනක් පමණ ගත වනු නොඅනුමානය. එසේම ඉතා ඍජු බෑවුම් අසලින් මාර්ගය වැටී ඇති ස්ථාන බොහොමයක් පවතින අතර සමහර තැන් වැසි කාලයේදී බෙහෙවින් ලිස්සන සුළු හා අනතුරුදායක විය හැකිය.





සියඹලාණ්ඩුව - අම්පාර මාර්ගය


 
කන්ද  මුදුනේ පිහිටි පොකුණු...


මුතුකන්ඩිය ජලාශය පෙනෙන අයුරු...
ගෝවින්ද හෙළ



නිදන් හොරුන් විසින් විනාශ කර ඇති නටබුන්..





කඳු පාමුල පිහිටි වනාන්තරය පුරා සමනලුන් විශේෂ බොහොමයක් දක්නට ලැබිණි. රංචු වශයෙන් පොළව මත වසා සිටි අතර ආගන්තුකයින්ගේ පැමිණීම හේතුවෙන් යම් තාක් දුරට කලබල වුවද ටික වෙලාවකින් ඊට අනුවර්තනය වනු දක්නට ලැබිණි.



සේනානායක සමුද්‍රය හා ගල්ඔය ජාතික වනෝද්‍යානය උතුරු දෙසින්...
සංචාරකයෝ...


Comments

Unknown said…
oyalata suba pathanawa niyama gamanak mama lagata giya eth udata gihilla na thanks

Popular Posts